
ලංකාවේ අනතුරට ලක් වු මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවෙන් ද ඔහුගේ නම බොහෝවිට හැලී යාමේ ප‍්‍රවණතාවක් පවතී. එහෙත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමා ට තිස්සනායගම් මාධ්‍යවේදියා මතක් විය.
මැයි 03 දිනට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ දී කතා කළ ජනාධිපති ඔබාමා මෙසේ ප‍්‍රකාශ කළෝය.
”අසර්වයිජානයේ සිට සිම්බාබ්වේ දක්වා ද, බුරුමයේ සිට උස්බෙකිස්ථානය දක්වා ද, කියුබාවේ සිට එරිත‍්‍රියාව දක්වා ද ලෝකයේ සෑම අහුමුල්ලක ම පුවත්පත් කලාවේදීහු සිරගත කරනු ලැබ හා පීඩාවට පත් කරනු ලබමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ ජේ.එස්. තිස්සනායගම් හෝ චීනයේ ෂී තා ඕ සහ හු ජියා වැනි අය මෙම ”භයානක යථාර්ථයේ සංකේතීය උදාහරණයෝ වෙති.
Back to home.....