ඩෙංගු මාරාන්තික බව දැනුණේ දැන් යැයි ඩෙංගු උණ වැළඳී අමාරුවෙන් ගොඩ ආ මිත‍්‍රයෙකු පසුගිය දවසක අප සමඟ කීවේය. පසුගිය දිනවල ඔහු සිටි මරුවිකලේ හැටියට මේ වචන ටික හෝ ඔහුගේ කටින් පිටවීම ගැන අපට සන්තෝෂය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ වගකීම් රහිත බව හා නිශ්ක‍්‍රීයභාවය හේතුවෙන් පුරවැසියන් කිසිදු ආකාරයක අවදානමකට ලක් කිරීමට රජයකට නොහැක. මේ අවස්ථාවේ ඩෙංගු සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පටලවා ගැනීම වසර තිහකට පසු යුද්ධය නිමා වී ප‍්‍රීතියෙන් සිටින බොහෝ දෙනෙකු දේශද්‍රෝහී කමක් ලෙස පෙනී යාමට ඉඩ තිබේ. නමුත් කණගාටුවෙන් වුවද කීමට ඇත්තේ මේ දෙක ඉබේ ම එකට පටලැවී ඇති බවය.
සාමාන්‍යයෙන් ලංකාවේ වසංගත රෝග සීඝ‍්‍රයෙන් පැතිර යන කාලසීමාවන් දෙකකි. ඒ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වාත්, මැයි සිට ජූලි දක්වාත් ය. ඩෙංගු උණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය හා සම්බන්ධ වන්නේ මෙතැනින්ය. රටක වසංගත රෝග පැතිර යාම හා පුරවැසි ජීවිත අවදානමකට ඇද වැටීම පිළිබඳ වගකීම එරට රජයට පැවරේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා නොමිලේ ලබා දෙන ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම එක්තරා ආකාරයක සුභසාධනවාදී රාජ්‍යයක් ලෙස පෙනී සිටී. රජයට සේම මෙම වගකීමේ සැළකිය යුතු තරම් කොටසක් ජනතාවටද පැවරේ. ඩෙංගු මෙතරම් සීඝ‍්‍රයෙන් රට පුරා පැතිර යමින් ජන ජීවිතය අවුල් කරන තත්ත්වයකට එන්නේ නම් වරද ඇත්තේ කොතැනද? මදුරුවන්ගේද? නැත. වරද රජයේ සහ මහජනතාවගේය. පසුගිය අප්‍රේල් මාසයේ ගතවූ දින පහළොවක් තුළ පමණක් වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් ගණන 59 ක් වූ අතර ඉන් 04 ක් මිය ගියහ. මේ වන විට කොළඹ, කැළණිය, ගම්පහ, හෝමාගම, පිළියන්දල, දෙහිවල හා අකුරණ අවදානම් ප‍්‍රදේශ ලෙස පසුගිය සතියේ වසංගත රෝග ඒකකය නම් කළේය. ගතවූ මාස දෙක තුළ කොළඹ, නුවර, රත්නපුර, කලූතර, කෑගල්ල යන දිස්ත‍්‍රික්ක වලින් වාර්ථා වූ රෝගීන් ගණන 2500 කි. දැනට වාර්ථා වී ඇති මුලූ රෝගීන් ගණන 6689 ක් හෝ ඊට වැඩි විය හැකිය. මිය ගිය ගණන 90 දක්වා ඉහළ ගොසිනි. එය පසුගිය වසර වලට වඩා 45% කටත් වඩා වැඩි වර්ධනයකි.
මහජන නියෝජිතයන් තමන්ගේ විෂය පථය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. පසුගිය මාස කිහිපය පුරා මෙරට අමාත්‍යාංශ කීයක් තමන්ගේ විෂය පථයට අදාළ කටයුතු වලට ප‍්‍රමුඛතාව දීම පසෙකලා ජාතික ආරක්ෂාවේ නාමයෙන් අකාර්යක්ෂමව, අලසව, වැඩ පැහැර හැර ඇතිද යන්න හෙළිදරවු වීමට තව වැඩි කාලයක් ගත නොවේ.

ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු වර්ධනය වීමට සමගාමීව යුද්ධයේ ස්වභාවයද වඩාත් වර්ධනය විය. සියලූ ලාංකික මාධ්‍යවල එකම ජාතික වගකීම යුධ පුවත් වාර්ථාකරණය වන විට ඩෙංගු ව්‍යාප්තිය ඇතුළු අනෙක් සියලූ සිදුවීම් වලට හිමි වූයේ ඔවුනොවුන්ගේ න්‍යාය පත‍්‍රවල අවශේෂ ස්ථානයන්ය. රජයේ ජාතික වගකීම වූයේද යුද්ධයම පමණි. ආසියානු මානව හිමිකම් කොමිසමේ වෙබ් අඩවියේ පළ වු නීතිඥ බැසිල් ප‍්‍රනාන්දුගේ Dengue Fever and Dysfunctional Democracy නම් ලිපියට අනුව ඉකුත් කාලයේ සූකර උණ පැතිරී, පළමු මිනිස් මරණය සිදුවන විටම මෙක්සිකෝ රාජ්‍යය ඒ පිළිබඳ සිය රට මෙන්ම අනෙක් රාජ්‍යයන්ද දැනුවත් කළේය. එය ලොව පුරා වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට බොහෝ ප‍්‍රයෝජනවත් විය. ජනතාව වෙත අවදානම පිළිබඳ නිවැරදි තත්ත්වයන් සන්නිවේදනය කාර්යක්ෂමව සිදු කිරීමේ ශක්‍යතාව මෙක්සිකෝ රාජ්‍යයට විය. 20 වන සියවයේ මුල් භාගයේ මෙරට පැතිර ගිය මාරාන්තික මැලේරියා වසංගතය මර්දනය කිරීමට එකල සිටි වාමාංශික නායකයන් උත්සාහ දැරුවේ නිදහස් සටනේද නිරත වෙමින් සිටියදීය. ඔවුහු එදා මැලේරියා සටන සාර්ථකව ජය ගත්හ. මෙය මැලේරියා හෝ ඩෙංගු මදුරුවාගේ ශක්තිමත්භාවය හෝ දුර්වලභාවය පිළිබඳ ගැටළුවක් නොව එදාට සාපේක්ෂව අද රටේ වගකීම් සහගතභාවයේ ඇති දුර්වලතාවයකි.
එනිසා එදාට සමානුපාතිකව අද අප අපගේ නිශ්ක‍්‍රීයභාවය පිළිබඳ ලැජ්ජා විය යුතුය. යුද්ධය හැර අන් කිසිවක් නොතැකූ ලංකා රජය දේශපාලනය සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය ඇතුලූ අන් සියල්ල පටලවා ගත්තේය. ජනතාවටද තම නිවසේ මාලූ ටැංකියේ හෝ මල් පෝච්චිය ඇතුලේ සුවබරව වැඩෙන මේ උවදුර හඳුනාගැනීමට තරම් විවේකයක් නොතිබුණි. විවේකයක් නොතිබුණාට වඩා සමබර මානසිකත්වයක් නොතිබුණි. ඔවුන්ද ගතින් නිවසේ සිටියත් සිතින් සිටියේ රණ බිමේ නිසාය. ඒ කෙතරම්ද යත් යුද්ධයෙන් නිර්වින්දනය වී තිබූ ඔවුන්ගේ ශරීරවලට පසුගිය කාලයේ ඩෙංගු මදුරුවන් දෂ්ඨ කළද එය දැනී නැත. ප‍්‍රතිඵලය අසල්වැසි නිවැසියන් ඩෙංගු රෝගයෙන් මිය යද්දී, දරු මල්ලන් කර ගසා ගෙන ඩෙංගු නැතැයි සිතන කොහේට හෝ ප‍්‍රදේශයකට පලා යාමය. එසේ අප දන්නා බොහෝ පිරිසක් ජීවිත රැක ගැනීමට දැනටමත් සිය පදිංචි නිවෙස් හැර දා ගොස් ඇත.

ලංකාවට තිබෙන්නේ නිවැරදි වීමේ හා වඩා සංවර්ධනාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කරා යාමේ අවශ්‍යතාවකට වඩා ඇමති මහින්ද සමරසිංහ කියු ආකාරයට, දීර්ඝ කාලීන පළපුරුද්දෙන් ලත් අත්දැකීම් අනුව සූක්ෂමව ගේම් ගසා ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ රට ගොඩ දමා ගැනීමේ විදේශ ප‍්‍රතිපත්තියකි. මෙය මෙරට සෑම ක්ෂේත‍්‍රයකම ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් කාන්දු වන තත්ත්වයකි.
ජාතික ආරක්ෂාව යනු ත‍්‍රස්තවාදීන්ගෙන්, ගරිල්ලන්ගෙන් හෝ විමුක්තිකාමීන්ගෙන් සිදුවන ප‍්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම පමණක් නොවන්නේය. මී, මැසි, මදුරු, උවදුරු ද රටක ජාතියක ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. රටක රාජ්‍ය නායකයාගේ මුළු අවධානය යොමු විය යුත්තේ එරට සමස්තය කෙරෙහිය. පාර්ලිමේන්තුවේ සිටින සියලූ ජනතා නියෝජිතයන් සම්බන්ධයෙන්ද මේ ප‍්‍රකාශය වලංගුය. රජය වසංගත රෝග මර්දනයට පණත් කෙටුම්පත් කරන්නේ දැන්ය. ඩෙංගු මර්ධනය කිරීමට සිවිල් ආරක්ෂක කමිටුවල තරුණ තරුණියන් 1,50 000 කගේ ස්වේච්චා සේවය ලබා ගැනීමට සූදානම් වන්නේ ද, දිවයිනේ ලක්ෂ 40ක් වන පාසල් දරුවන් මාර්ගයෙන් දෙමාපියන් දැනුවත් කරන්නට සිතුවේද දැන්ය. රට පුරා ග‍්‍රාම නිළධාරී කොට්ඨාශ 14,194 කම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට පිඹුරු පත් සකසන්නේද අන්තිම මොහොතේය. නමුත් රජය දැනටමත් ප‍්‍රමාදය.
මහජන නියෝජිතයන් තමන්ගේ විෂය පථය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. පසුගිය මාස කිහිපය පුරා මෙරට අමාත්‍යාංශ කීයක් තමන්ගේ විෂය පථයට අදාළ කටයුතු වලට ප‍්‍රමුඛතාව දීම පසෙකලා ජාතික ආරක්ෂාවේ නාමයෙන් අකාර්යක්ෂමව, අලසව, වැඩ පැහැර හැර ඇතිද යන්න හෙළිදරවු වීමට තව වැඩි කාලයක් ගත නොවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා, සැලසුම් හදා කල එළි බහින විට ඩෙංගු මදුරුවන් වේගයෙන් දෛනිකව සිය වර්ගයා බෝ කරමින් සිටී. ඔවුන් මේ දෂ්ඨ කරන්නේ මෙරට ජාතික ආරක්ෂාවට පමණක් නොව ආර්ථික, සමාජීය, දේශපාලන යන සෑම අංශයකටමය. දීර්ඝ කාලීන විවේකයකින් සිටිය යුතු ඩෙංගු වැනි රෝගයක් සුලූවෙන් තැකීමේ විපාක හාල් ඇටයේ සිටම ජීවන බර අමාරුවෙන් උසුලා ගෙන යන මහජනයාට අත්විඳින්නට සිදුවීම අසාධාරණය.
සාර්ථක යුද්ධයක නිමාවෙන් පසු මේ රජය පොල් කටු තම්බා කන්නට කිවුවද ජනතාව ඒවා කනවා ඇත. ලොව බලවත්ම රාජ්‍ය නායකයා සිටින්නේ ඇමෙරිකාවේ නොව ලංකාවේ කිවුවොත් එයද පිළිගන්නවා නිසැකය. එ නිසා මෙතරම් හරඹයක් කරන කොට ඩෙංගු සෑදී පණහක් හැටක් මිය යාම ගැන රටට ආදරේ නොකරන ජාතිය කෙසේ වෙතත් රටට ආදරය කරන ජාතියවත් ඉවසා සිටිය යුතු බව කිවුවද ලාංකිකයන් එයත් ඉවසනවා ඇත. තමන් උපක‍්‍රමශීලී හා සැලසුම් සහගත යැයි කියන එමෙන්ම ඕනම වසංගතයක්, අර්බුදයක්, ගැටුමක්, යුද්ධයක් තීන්දු කර, නිවාරණය කර, ප‍්‍රත්‍යක්ෂ කිරීමට දින, සති, මාස ලංසු තබන රජය මේ අභියෝගයද බාර ගත යුතුය.