මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසුව උදාවුයේ කතා කිරීමට නොහැකි සමයකි. ‘‘කතා කිරීමට නොහැකි තැනකදී නිහඬ විය යුතුය ’’ යන විත්ගස්ටයින්ගේ ආප්තය අනුව යමින් ‘‘සමබිම’’ තාවකාලිකව නිහඬ විය.
ජීවත්වීමේ අයිතිය සහ කතා කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඇතුළත් පුළුල් ජන බලවේගයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය විය. ඒ නිහඬ සමයේ දී අපගේ කාලය සහ ශ‍්‍රමය වැය කරන ලද්දේ එවන් බලවේගයක් ගොඩ නැඟීම වෙනුවෙනි.
දැන් අපි නැවතත් ‘‘සමබිම’’ ආරම්භ කිරීමට තීරණය කළෙමු.
අපගේ තක්සේරුව අනුව ලාංකීය සමාජය හැරවුම් ලක්ෂ්‍යයක් කරා පැමිණ තිබේ. එය හැරවුමක ඇරඹුම දැයි අපි නොදනිමු. නමුත් ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන්, වෘත්තීය සමිති නායකයන්, බුද්ධිමතුන්, සිවිල් චින්තකයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියළුදෙනාම සිරවීමක් කරා පැමිණ ඇති අතර තම දූත මෙහෙවර පිළිබඳ නැවත සිතීමට අවශ්‍ය තත්ත්වයක් ඇති වී ඇත.
ලෝක දේශපාලනයේ සහ ලෝක ආර්ථිකයේ බරපතල වෙනස්වීම් ඇති වෙමින් පවතී. පවතින ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමය හෙවත් ධනවාදී සමාජ ක‍්‍රමය යනු ඉතිහාසයේ අවසානය බවත්, සදාකාලයෙන් සදාකාලයට පවතින එම සමාජ ක‍්‍රමයට හෝ එම සමාජ ක‍්‍රමය විසින් අනු දැන ඇති ජාතික රාජ්‍යයට හෝ අභියෝග කරන මෝඩයන් ක‍්‍රමය විසින් අතුගා දමනු ලැබීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් බවත්, උදාන වාක්‍යය ලෙස ප‍්‍රකාශ කළ අයටද, උතුරේ යුද්ධය නිශ්චිත කාලයක් තුළ නිමා වී සාමය උදාවී තාරපාරවල් කාපට් වී එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ අතහැර තැපැල් සේවයක් ලෙසට රූපාන්තරණය වන බවට (Post LTTE) පුරසාරම් දෙඩු අයටද මෙම නව වෙනස්වීම ලෝකයට, දකුණු ආසියානු කලාපයට පමණක් නොව ලංකාවටද බලපාන්නේ කෙසේදැයි කල්පනා කිරීමට සිදුවනු ඇත.
හොඳින් ලකුණු රැස් කරමින් ලකුණු අතර සිටි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු දිගින් දිගටම අසාර්ථක වනවිට ඔහු මෙන්ම ඔහුගේ රසිකයන්ද ඊටත් වඩා ඔහුගේ බිරිඳ, කළමණාකරු සහ අනුග‍්‍රාහක බවතුන්ද කැළඹීමට පත්වෙති. මෙම අසාර්ථකත්වයෙන් ගොඩඒමට තමාට හුරු පුරුදු ආකාරයේ පිති පහරවල් එල්ල කිරීමට ක‍්‍රීඩකයා උත්සාහ ගත්තද එහි ප‍්‍රතිඵලය වනුයේ නැවතත් අසාර්ථක වීමයි. එවන් අවස්ථාවක ඔහුගේ පුහුණුකරු ඔහුට ලබාදෙන උපදෙස වන්නේ තමා පසුකාලයකදී දියුණු කරගත් ශෛලය මොහොතකට අමතක කොට නැවතත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පිතිකරණයේ මුලධර්ම වෙත ගමන් කරන ලෙසයි. එනම් ‘‘ Back to the Basic’’ යන්නයි.
අපේ යෝජනාව ලංකාවේ සමාජය තමා පිළිබඳව අලූතින් සිතා බැලිය යුතු බවයි. ඒ සඳහා නැවතත් මූලධර්ම වෙත ගමන් කළ යුතු බවයි.
ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පිළිබඳව ‘‘සමබිම’’ ඉදිරිපත් කිරීමට උත්සාහ කළ සාකච්ඡාවද ඒ අනුව නැවතත් මූලධර්ම වෙත ගෙනයාමට අවශ්‍යය. මේ සඳහා සාකච්ඡාව එදිනෙදා මතුවෙන ප‍්‍රශ්නවලින් ඔබ්බට ගෙනගොස් අපේ සමාජයේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා යොමු කිරීම අවශ්‍ය වේ.
පසුගිය වසරේ අප සමඟ සිටිමින් අපට නොයෙක් ආකාරයෙන් ප‍්‍රතිචාර දැක්වු ‘‘සමබිම’’ පාඨකයන් මෙම අත්‍යාවශ්‍ය සීරුමාරු කිරීම හේතුවෙන් තරමක් වික්ෂිප්ත වීමට ඉඩ තිබේ. අපට දැනට කීමට ඇත්තේ කලබල නොවී සති කිහිපයක් අප හා රැඳී සිටින ලෙස පමණකි.
ඔබේ අදහස්, යෝජනා සහ ප‍්‍රතිචාර අප වෙත කෙටියෙන් ලියා එවන්නේ නම් අප කැමතිය.
සංස්කාරක
සමබිම
රයිට්ස්නව් ආයතනය
24/13,
විජයබා මාවත,
නාවල පාර,
නුගේගොඩ.
කෙටි පණිවිඩ සඳහා 0777342834
Back to Home
Thursday, March 12, 2009
අහලා පුරුදු කතාවක් වගේ නේද? හොඳට මතක් කරලා බලන්න
මධ්‍යම ලන්ඩනයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවෙයි. හය දෙනෙක් මිය ගිය අතර තවත් හතළීහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබති. ලන්ඩන් නගරය තුළ සියළුම ආකාරයේ දේශපාලන උද්ඝෝෂණ පැවැත්වීම දැනමටත් තහනම් කර ඇති අග‍්‍රාමාත්‍යවරයා හබයාස් කෝපූස් නීතිය (අත් අඩංගුවේ සිටින පුද්ගලයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටීමට පුරවැසියන්ට ඉඩ ලැබෙන නීතිය) ඉවත් කිරීමට යෝජනා කරයි. මාධ්‍යයන්ට සාකච්ඡාවක් ලබාදෙන අග නාගරික පොලිස් කොමසාරිස් පවසන්නේ ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදීන් 10,000ක් දෙනා ලන්ඩනයේ නිදැල්ලේ හැසිරෙන බවයි. නගරය ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කොස්තාපල්වරු 50,000ක් බඳවා ගැනෙති. ජල අපවහන කාණු පද්ධතිය තුළ ත‍්‍රස්තවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය සඟවා ඇත්දැයි සොයා බැලීම සඳහා පොලීසියේ සුපරීක්ෂාව යටතේ විශේෂ සේවක කණ්ඩායම් යොදා ඇත. මහ රැජිනද මේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වෙයි. මේ ත‍්‍රස්තවාදීන් දුටු තැන එල්ලා මරා දැමිය යුතු යැයි හිතන්නට තමා පවා පටන් ගෙන ඇතැයි ඇය කියයි. ප‍්‍රධාන පෙළේ බුද්ධිමතකු පවසන්නේ ත‍්‍රස්තවාදීන්ගේ අරමුණ කෙරෙහි විශාල සහයෝගයක් දක්වන ලද ලන්ඩන් නගරවාසී පොදු ජනයා මේ ප‍්‍රහාර හේතුවෙන් කුලප්පු කොට ප‍්‍රතිගාමී ආණ්ඩුවේ තුරුළට එළවා දමනු ලැබ ඇතැයි කියාය. නමුත් ත‍්‍රස්තවාදය පමණක් නොව ත‍්‍රස්තවාදයට බලපාන දේශපාලන මූලයන්ට පිළිතුරු සෙවීම සඳහා අනාගත අගමැතිවරයාගේ අදහස් වෙනස් කිරීමට මේ ප‍්‍රහාරය හේතු වු බව සෑහෙන කලකට පසුව පිළි ගැනීමට ලක්වේ.
මෙහි දැක්වෙන් සිදුවීම් සත්‍ය වශයෙන්ම සිදු වු ඒවාය. නමුත්, ඒවා සිදුවුයේ මේ සියවසේ හෝ පසුගිය සියවසේ හෝ නොව 1867 දීය. එදා අගමැති ටෝනි බ්ලෙයාර් නොව බෙන්ජමින් ඩිස්රායෙලිය. එදා නාගරික පොලිස් කොමසාරිස් නම් ශ‍්‍රීමත් ඉයන් බ්ලෙයාර් හෝ ශ‍්‍රීමත් ජෝන් ස්ටීවන්ස් නොව රිචඞ් මේන් ය.; එදා රැජින වුයේ දෙවන එළිසබෙත් නොව වික්ටෝරියාය.; එදා පොදුජන බුද්ධිමතා නෝම් චොම්සගි නොව කාල්මාක්ස්ය ; අනාගත අගමැති ගෝඞ්න් බ‍්‍රවුන් නොව ග්ලැඞ්ස්ටන්ය. එදා ත‍්‍රස්තවාදීන් වුයේ අල් කයිඩා නොව අයිරිෂ් ෆිනියන්වරුන්ය.
කොනර් ගර්ටි
මානව හිමිකම් නොනැසි පවතීද?
Back to Home
මෙහි දැක්වෙන් සිදුවීම් සත්‍ය වශයෙන්ම සිදු වු ඒවාය. නමුත්, ඒවා සිදුවුයේ මේ සියවසේ හෝ පසුගිය සියවසේ හෝ නොව 1867 දීය. එදා අගමැති ටෝනි බ්ලෙයාර් නොව බෙන්ජමින් ඩිස්රායෙලිය. එදා නාගරික පොලිස් කොමසාරිස් නම් ශ‍්‍රීමත් ඉයන් බ්ලෙයාර් හෝ ශ‍්‍රීමත් ජෝන් ස්ටීවන්ස් නොව රිචඞ් මේන් ය.; එදා රැජින වුයේ දෙවන එළිසබෙත් නොව වික්ටෝරියාය.; එදා පොදුජන බුද්ධිමතා නෝම් චොම්සගි නොව කාල්මාක්ස්ය ; අනාගත අගමැති ගෝඞ්න් බ‍්‍රවුන් නොව ග්ලැඞ්ස්ටන්ය. එදා ත‍්‍රස්තවාදීන් වුයේ අල් කයිඩා නොව අයිරිෂ් ෆිනියන්වරුන්ය.
කොනර් ගර්ටි
මානව හිමිකම් නොනැසි පවතීද?
Back to Home
Subscribe to:
Posts (Atom)