මධ්‍යම ලන්ඩනයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවෙයි. හය දෙනෙක් මිය ගිය අතර තවත් හතළීහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබති. ලන්ඩන් නගරය තුළ සියළුම ආකාරයේ දේශපාලන උද්ඝෝෂණ පැවැත්වීම දැනමටත් තහනම් කර ඇති අග‍්‍රාමාත්‍යවරයා හබයාස් කෝපූස් නීතිය (අත් අඩංගුවේ සිටින පුද්ගලයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටීමට පුරවැසියන්ට ඉඩ ලැබෙන නීතිය) ඉවත් කිරීමට යෝජනා කරයි. මාධ්‍යයන්ට සාකච්ඡාවක් ලබාදෙන අග නාගරික පොලිස් කොමසාරිස් පවසන්නේ ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදීන් 10,000ක් දෙනා ලන්ඩනයේ නිදැල්ලේ හැසිරෙන බවයි. නගරය ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කොස්තාපල්වරු 50,000ක් බඳවා ගැනෙති. ජල අපවහන කාණු පද්ධතිය තුළ ත‍්‍රස්තවාදීන් විසින් පුපුරන ද්‍රව්‍ය සඟවා ඇත්දැයි සොයා බැලීම සඳහා පොලීසියේ සුපරීක්ෂාව යටතේ විශේෂ සේවක කණ්ඩායම් යොදා ඇත. මහ රැජිනද මේ තත්ත්වය සම්බන්ධයෙන් මැදිහත් වෙයි. මේ ත‍්‍රස්තවාදීන් දුටු තැන එල්ලා මරා දැමිය යුතු යැයි හිතන්නට තමා පවා පටන් ගෙන ඇතැයි ඇය කියයි. ප‍්‍රධාන පෙළේ බුද්ධිමතකු පවසන්නේ ත‍්‍රස්තවාදීන්ගේ අරමුණ කෙරෙහි විශාල සහයෝගයක් දක්වන ලද ලන්ඩන් නගරවාසී පොදු ජනයා මේ ප‍්‍රහාර හේතුවෙන් කුලප්පු කොට ප‍්‍රතිගාමී ආණ්ඩුවේ තුරුළට එළවා දමනු ලැබ ඇතැයි කියාය. නමුත් ත‍්‍රස්තවාදය පමණක් නොව ත‍්‍රස්තවාදයට බලපාන දේශපාලන මූලයන්ට පිළිතුරු සෙවීම සඳහා අනාගත අගමැතිවරයාගේ අදහස් වෙනස් කිරීමට මේ ප‍්‍රහාරය හේතු වු බව සෑහෙන කලකට පසුව පිළි ගැනීමට ලක්වේ.
මෙහි දැක්වෙන් සිදුවීම් සත්‍ය වශයෙන්ම සිදු වු ඒවාය. නමුත්, ඒවා සිදුවුයේ මේ සියවසේ හෝ පසුගිය සියවසේ හෝ නොව 1867 දීය. එදා අගමැති ටෝනි බ්ලෙයාර් නොව බෙන්ජමින් ඩිස්රායෙලිය. එදා නාගරික පොලිස් කොමසාරිස් නම් ශ‍්‍රීමත් ඉයන් බ්ලෙයාර් හෝ ශ‍්‍රීමත් ජෝන් ස්ටීවන්ස් නොව රිචඞ් මේන් ය.; එදා රැජින වුයේ දෙවන එළිසබෙත් නොව වික්ටෝරියාය.; එදා පොදුජන බුද්ධිමතා නෝම් චොම්සගි නොව කාල්මාක්ස්ය ; අනාගත අගමැති ගෝඞ්න් බ‍්‍රවුන් නොව ග්ලැඞ්ස්ටන්ය. එදා ත‍්‍රස්තවාදීන් වුයේ අල් කයිඩා නොව අයිරිෂ් ෆිනියන්වරුන්ය.
කොනර් ගර්ටි
මානව හිමිකම් නොනැසි පවතීද?
Back to Home
Thursday, March 12, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment